Explanation



Explanation

E - Experience - අප පැමිණි ගමන් මග (Where are we coming from)

මාර/ කොකාවල මධ්‍ය මහා විද්‍යාලය දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාතර තල්පාවිල හරහා යටියන මාර්ගයේ, කැකනදුර සිට කිලෝමීටර 04 ක් පමණ යටියන දෙසට වන්නට කොකාවල ග්‍රාම නිලධාරී වසමේ ප්‍රධාන පාර අසල පිහිටි අක්කර 5 .5 පමණ පාසැලකි. 1 - 13 දක්වා පන්ති ඇති පාසලකි. 1919. 01. 06 දින මෙම පාසල ආරම්භ කොට ඇති බව මූලික ලොග් සටහන් පොතෙහි සටහන් කොට ඇත. එදා මෙදා තුර විදුහල්පතිවරු 20 දෙනෙකු පමණ පාසලට නායකත්වය ලබාදී ඇති අතර මා එහි 21 වන විදුහල්පතිවරයා ලෙස රාජකාරි කටයුතු සිදුකරමි.

කණිෂ්ඨ විද්‍යාලයක් ලෙස ආරම්භ කොට ඇති මෙම පාසල ක්‍රමක්‍රමයෙන් මහා විද්‍යාලයක්, මධ්‍ය මහා විද්‍යාලයක් තත්වයකට ළඟා කරගෙන ඇති අතර දැනට නව ජාතික පාසල් 1000+ සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට අනුව ජාතික පාසලක් ලෙස තෝරාගෙන ඇත

E - Experience - The Way We Came (Where We Come From)

Mara/ Kokawala Madhya Maha Vidyalaya is a 5.5 acre school located in the southern province, Matara District, Matara Divisional Secretariat Division, on the Yatiana road through Matara Talpawila, 04 km from Kekanadura towards Yatiyana, the main place of Kokawala Grama Niladhari domain. A school with classes from 1 - 13. It is recorded in the basic logbook that this school was started on 06.01.1919. Since then, about 20 principals have led the school and I am the 21st principal.

Started as a junior college, the school has gradually been promoted to a senior college, middle senior college and currently selected as a national school for the development of 1000+ new national schools.

Comments